නින්ද නැති රැයේ.....සඳ කඳුලු මීදුමේ....... හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ...... තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ..... වැහි බිංදු වැටේවී.... රෝස පෙති කඩා හැලේ....... කිළිපොලා යමින් සැලී යමින් නොනිම් සීතලේ.... තුරුලු වෙමි දෙනෙත් පියා.... ඔබගෙ උණුසුමේ.......... ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.... හෙට උදේම අවදි වී යා යුතුව තිබේ....... රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ........ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ...... කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ....... සිඹිමි එකම හාදුවයි සොඳුර එය මගේ........ නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි. තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි. වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි. වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි....... මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදුටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි. සොඳුරිය.....
Posts
Showing posts from March, 2015