ගීතයක අරුත විදිමු .....

ගීතයක අරුත විදිමු ...... ඇහල මල් පිපෙනා ඇහල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී ඇහල මල් පිපෙනා .............. බහක් නොදී ගියත් අහක බලා සිනා සී මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම් ඇහල මල් පිපෙනා .............. ගායනය :- චන්දන ලියනාරච්චි ගේය පද: නිහාල් ගම්හේවා සංගීතය: නිහාල් ගම්හේවා චන්දන ලියනාරච්චි කියල කියන්නේ අනූව දශකයේ ජාතික තරුණ සේවා සභාව මගින් ඔප වැටුනු තාරකාවක්. චන්දනට අමතරව ෂර්ලි වයිජයන්ත, චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි..ආදීන් ජාතික තරුණ සේවා සභාව මගින් බිහිවුන තවත් ගායක ගායිකාවන් පිරිසකි. චන්දන ලියනාරච්චි නිහඬ ගමනක යන කලාකරුවෙකු ලෙස හැඳින්වූවාට වරදක් නෑ. අනූව දශකයේ ඔහු ගැයූ ගීත කිහිපයක් ජනප්‍රියත්වයේ හිනි පෙ...