
කොළඹ දුවන්නියේ... සමිතා එරන්දතී මුදුන්කොටුව විසින් අනූව දශකයේ පමණ ගායනා කළ කොළඹ දුවන්නියේ.. ගීතය එම යුගයේ ඉතා ජනප්‍රිය ගීයක් වූවද වර්තමානයේ එතරම් අසන්නට නොලැබෙන ගීයකි. එබැවින් මෙය කියවීමට පෙර පළමුව පහතින් මෙම ගීතය ශ්‍රවනය කරන්න. ( Click here to download ) බොහෝ දෙනා ගීතයක ශබ්ධ රසයට පමණක් අවධානය යොමු කළද එහි ඇති අර්ථය ඉතා වැදගත්ය. මතුපිටන් පෙනෙන ආකාරයට මෙහි කෝච්චියක් මුල් වූ කතාවක් සාමාන්‍ය රසිකයා තුලට ගෙන යයි. ඇත්තෙන්ම මෙහි ගේය පද රචකයාගේ දක්ෂතාවය අගය කළ යුතුය. ඔහු මෙහි කොච්චියකට ආරූඪ කර ඇත්තේ පිටිසර ගමක සිට රැකියාව සඳහා කොළඹ බලා පැමිණෙන තරුණියකයි. මෙහිදී ඔහු භාවිතා කර ඇති වචන මාලාවද පිටිසර ගැමි වදන්වලින් සැදුම්ලද්දකි. මෙම කතාවේ තරුණියන් දෙදෙනෙකි. එක් අයෙක් වසර ගණනාවක් කොළඹ රැකියාව කර කොළඹ පිළිබඳ මනා අවබෝධයක් ඇති යෙහෙළියකි. සරළව කිවහොත් කොළඹ පරිසරයෙන් හොඳට තෙම්පරාදු වී ඇති තැනැත්තියකි. අනෙක් තැනැත්තිය ගමේ ජීවිතය පමණක් හුරු කොළඹට ආධුනික අපේ කතානායිකාවයි. මෙම කතානායිකාව තම යෙහෙලියගෙන් උපදෙස් ගෙන කොළඹ රැකියාවකට යාමට සූදානම් වෙයි. ගැමි පරිසරයක සිට කොළඹ රැකියාවක් කරා පැ...