ස්ටීව් ජෝබ්ස් ගෙන් අපේ ජීවිතේට ......
මෙය; පිස්සන් යයි අනෙක් අය සිතන්නන්, නොගැලපෙන්නන්, කැරලි ගසන්නන්, කරදර කාරයින්, සතරැස් කොටුවල සිරවුනු වටකුරු හැඩැත්තන් හා වෙනස් ලෙසින් සිතන්නන් වෙනුවෙනි... ඔවුන් නීති රෙකුලාසි වලට අකමැතිය.... ඔබට ඔවුන් උපුටා දැක්විය හැකිය, පාරට්ටුකල හැකිය, ගැරහිය හැකිය, එහෙත් ඔබට කිසි විටෙකත් ඔවුන් නොතකා සිටිය නොහැකිය.... ඒ ඔවුන් වෙනස් කරන්නන් බැවිනි.... ඔවුන් මිනිස් වර්ගයා ඉදිරියට තල්ලු කරයි... සමහරුන්ට ඔවුන් පෙනෙන්නේ උමතු වූවන් ලෙසිනි, එහෙත් අපටනම් පෙනෙන්නේ ඔවුන් ප්‍රතිභාවන්තයින් ලෙසිනි. ඒ මක්නිසාද යත්, ලෝකය වෙනස් කරන්නේ තමන්ට එසේ කල හැකියයි සිතන, උමතු යයි අනෙක් අය සිතන ප්‍රතිභාවන්තයින් විසින් බව අප දන්නා නිසාය....... කනත්තේ මිහිදන්වී සිටින ධනවත්ම පුද්ගලයා වීමට මට අවශ්‍ය නැත. රාත්‍රී නින්දට යනවිට, අප විශිෂ්ඨ යමක් සිදුකලා යන සිතුවිල්ලෙන් සැනසීම මට ඊට වඩා වැදගත්ය... "නිර්මාණයකිරීම" අමුතුම වචනයකි. බොහෝදෙනා සිතන්නේ නිර්මාණය යනු, යමක් ඇසට පෙනෙන ආකාරය කියායි. එහෙත් ගැඹුරින් බැලූකල නිර්මාණය යනු පෙනුම නොව, යමක් ක්‍රියාත්මකවන ආකාරයයි... ජීව...