ශ්‍රී ලංකාව පිළබද තොරතුරු

Image result for ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පිහිටීම
උතුරු අක්ෂාංශ 555- 9511  හා නැගෙනහිර දේශාංශ 79 42- 81 521 අතර පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ විශාලත්වය
වර්ග කිලෝ මීටර 65 610 කි. (වර්ග සැතපුම් 25,332 කි)
ශ්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහනය (2010)
මිලියන 20.65

ශ්‍රී ලංකා ජනරජයේ ජාතික දිනය
පෙබරවාරි හතරවන දින ය
  
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය
නිල් මහනෙල්

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය
නා ගස

ජාතික පක්ෂියා
වලි කුකුළා

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව
අත් පන්දු

ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය
නිල් මැණික

ශ්‍රී ලංකාවේ ජාතික ගීය
ශ්‍රී ලංකා මාතා....... ගීය.

භුමි ප්‍රමාණයේ උපරිම දිග
කිලෝ මීටර 447 කි.  උතුරු සිමාව පේදුරු තුඩුව වන අතර දකුණු සීමාව දෙවුන්දර තුඩුව වේ.

භූමි ප්‍රමාණයේ උපරිම පළල
කිලෝ මිටර 210 කි. බස්නාහිර සිමාව කොළඹ වන අතර නැගෙනහිර සීමාව සංගමන්කන්ද තුඩුව වේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව වෙන්වන පටු මුහුදු තීරුව
පෝක් සමුද්‍ර සන්ධිය යි. දෙරට වෙන්වන පටුම ස්ථාන දෙක වන තලෙයිමන්නාරම හා ධනුස්කොඩිය අතර දුර කිලෝමීටර 32 වේ.

ශ්‍රී ලංකාවට ආසන්නතම රටවල් වන්නේ
ඉන්දියාව හා මාලදිවයින යි.

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු වෙරළේ දිග
කිලෝ මීටර 1 771 කි. (සැතපුම් 1100)

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කලාපය
මහද්වීපික තටාකයේ පළල කිලෝමීටර 20 කි. ගැඹුර මීටර 20 - 65 අතර වේ.  වෙරළ කලාපය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 517,400 කි. භෞමීය මුහුදු ප්‍රදේශය වෙරළේ සිට නාවික සැතපුම් 12 කි. යාබද කලාපය නාවික සැතපුම් 12 සිට 24 දක්වා විහිදේ. අනන්‍ය ආර්ථික කලාපය නාවික සැතපුම් 24 සිට 200 දක්වා විහිදේ.

ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණය
ජලාශ සමඟ හෙක්ටයාර් 6,561,000 අක්කර දශ ලක්ෂ 16.2 කි.
ජලාශ හැර හෙක්ටයාර් 6, 270,000 අක්කර දශ ලක්ෂ 15.5

ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රථම වරට ලෝක සිතියමකට ඇතුලත් කරන ලද්දේ
ක්‍රි. පූ. වන සියවසේ දී ක්ලෝඩියස් ටොලමි විසිනි.

ශ්‍රී ලංකාව හඳුන්වන නිල නාමය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා
සිංහල සහ දෙමල

ශ්‍රී ලංකාවේ පරිපාලන නගරය
ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වානිජ නගරය
කොළඹ

ශ්‍රී ලංකාවේ භාවිත වන ප්‍රධාන භාෂාවන්
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ

ශ්‍රී ලාංකික ජනතාව අදහන ප්‍රධාන ආගම්
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්

ශ්‍රී ලංකාවේ උසම කන්ද
පිදුරුතලාගල උස මීටර 2524.35 කි.

ශ්‍රී ලංකාවේ දිගම ගඟ
මහවැලි ගඟ දිග කිලෝ මීටර 335 කි.

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල
බඹරකන්ද දියඇල්ල උස මිටර 241 කි.

ශ්‍රී ලංකාවේ විශාලතම විල
බේරේ වැව හෙක්ටයාර  71.922 )

ශ්‍රී ලංකාවේ දිගම ඇල
බීට් ඇල යාපනය කලපුව දිග කිලෝ මීටර 65.2 කි.

ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය
රන්දෙනිගල ජලාශය, රඳවා තබා ගත හැකි ජල ධාරිතාව ඝන මීටර මිලියන 860 කි.

ශ්‍රී ලංකාවේ උසම සානුව
හෝර්ටන් තැන්න උස මීටර 2 300 කි.

ශ්‍රී ලංකාවේ විශාලතම දූපත
මන්නාරම විශාලත්වය වර්ග කිලෝ මීටර 126.46

ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්ක
අනුරාධපුරය
  

Comments

Popular posts from this blog

අලුත් අවුරුද්දට සුබ පතන්න සිංහල sms