හෙරොයින් පිලිදව දැනගන්න

“කැස්සට හදපු බෙහෙත “හෙරොයින්“ හෙවත් අපේ භාෂාවේ “කුඩු”!!
1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. මොකක් ද මේ?? හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ...
1850 කාලයේ අබිං සඳහා ඇබ්බැහි වීම ඇමරිකාවේ හා යුරෝපයේ ප්‍රධාන ගැටලුවක් බවට පත්විනි. එයට පිළීයමක් ලෙස තරුණ රාසායන විද්‍යාඥයකු වු ජර්මානු ජාතික
Fedrich Serturner පොපි ශාකයෙන් ගන්නා අබිං රසායනික වෙනස්කම් කරමින් “මොහෝෆියම්” ලෙස එය නම් කල අතර පසුව එය “මෝෆීන්”ලෙසට හැදින්වීමට වු අතර ඒ සදහා ඇබ්බැහි වීම අබිං වලට ඇබ්බැහි වීමටත් වඩා වැඩි වීමත් ඊටත් වඩා ශරීරයට හානි ගෙන දීමත් නිසා“මෝෆීන්”ඊටත් වඩා ගැටලුවක් බවට පත්විය. මෙය අංක එකේ වේදනා නාශකයක් ලෙසත් බොහෝ විට දරුණු පිළිකා රෝගීන් සදහාත් යොදා ගැනීම සිදුකරයි.
මෝෆීන් වලට ඇබ්බැහි වුවන් එයින් ගලවා ගැනීමට පිළියමක් ලෙස හා ක්ෂය රෝගයට හා සාමාන්‍ය කැස්සට ප්‍රතිකාරයක් ලෙස 1898 දි ජර්මනියේ බේයර් ෆාමිසි සමාගමේ රැකියාව සිදුකල “ෆෙලීක්ස් හොෆර්මන්” විසින් “මෝෆීන්” තව දුරටත් රසායනික වෙනස් කම් කරමින් දියරයක් ලෙස “හෙරොයින්“ ප්‍රථම වරට නිපදවා හදුන්වා දෙන ලදි.
එය රටවල් 23 කට අපනයනය කරන ලද අතර 1898 සිට 1910 දක්වා “හෙරොයින්“ ලෙස එහි ව්‍යාපාර නාමය නම් කරන ලද්දේ ඩයිඇසිටයිල් මෝෆීන් හෙවත් ඩයිමෝෆීන් රසායනිකයයි.
එතැන් සිට “හෙරොයින්“ ලෙස හැදින්වීම ඇරඹුනි..එමගින් මෝෆීන් වලට ඇබ්බැහි වුවන් ගලවා ගැනීමට උත්සහා කලත් එමගින් මෝෆීන් වලට වඩා ශරීර හානියක්ද ඇබ්බැහි වීමේ ප්‍රබලතාවයක් ද විය. එය ලොවට බලපෑම් කරන මත්ද්‍රව්‍යයක් ල
හෙරොයින් නිපදවනු ලබනුයේ පොපි ශාඛයෙහි මල් හට ගෙන පෙති වැටුනු පසු ඉතිරිවන පොහොට්ටු පලුදු කොට ගලා එන කිරිපාට ඝන දියරයෙන් ලබා ගන්නා අබිං වලින් නිපදවන්නා වු මෝෆීන් තවත් රසායනික වෙනස් කම් රැසක් සිදුකරමිනි.
අබිං ලබා ගන්නා මේ පොපි ශාකය විද්යාත්මකව Papaver Somniferum ලෙස හදුන්වන අතර ඉතිහාසය අනුව එය 13 වන hශතවර්ෂයේදී Genghis Khan නම් මෝගල් අධිරාජ්‍යා විසින් ඇග්ෆනිස්ථානයට හදුන්වා දෙන ලදැයි සැලකේ. පොපි ශාකයේ මල් හට ගැනීමට මාස 5-6 ත් අතර කාලයක් ගත වන අතර ඇග්ෆනිස්ථානය තුල රතු,දම් හා සුදු වර්ණ වල මල් දක්නට ලැබේ.
පොහොට්ටුව පලුදු කොට ගලා එන කිරිපාට ඝන දියරය ඉර එළියට නිරාවරණය වීමෙන් එය දුඹුරු වර්ණයක් ගන්නා අතර ඒවා තලයක් මාර්ගයෙන් එකතු කරගනු ලබයි.සාමාන්‍යයෙන් පොහොට්ටුවක් 6 හෝ 7 වතාවක් කප්පාදු කරනු බව සඳහන් වේ.පසුව ඉතිරිවන එම පොහොට්ටු වේලීමෙන් ඒ තුල ඇති පොපි බීජ කුඩු කර ගැනීමෙන් පොපි බීජ තෙල් නිපදවන අතර ඒවා නිවාස වල පාවිච්චියට හා වෙළඳ පොළටද ඉදිරිපත් කරනු ලබයි.
හෙරොයින් කිලෝ එකක් සෑදීමට සාමාන්‍යයෙන් අබිං කිලෝ 10 ක් වත් අවශ්‍ය බව පැවසේ. ඇග්ෆනිස්ථානය,බලුකිස්ථානය හා පාකිස්ථානය පොපි ශාකය හොදින්ම වැඩෙන රටවල් වන අතර එම ප්‍රදේශය“රන් චන්ද්‍රවංකය“ යන නමින් හදුන්වයි.
වැඩිපුර හෙරොයින් ගෙන යන කේන්ද්‍රස්ථාන ලෙස තායිලන්තය , බුරුමය හා ලාඹ්සය
“රන් ත්‍රිකෝණය“ (Golden Triangle) නමින්ද හදුන්වයි.පොපි වගාව නිතීවිරෝධි වගාවකි.
ඖෂධ නිපදවීම සඳහා ඇතැම් රටවල් පොපි වගා කිරීම සදහා අන්තර්ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ (DNCB) අවසර ලබා ගත යුතුය.
2007 වන විට ලොව අබිං සැපයීමෙන් 93%ක් සපුරා ඇත්තේ ඇග්ෆනිස්ථානයෙනි. එහි ආදායම ඩොලර් බිලියන 4 වඩා වැඩි වේ.එයින් ගොවියන්ට ලැබෙනුයේ 1/4 පමණක් වන අතර අතරමැදියන් විසින් වැඩි කොටස ලබා ගනු ලැබේ.
_______________________
පිරිසිදු හෙරොයින් සුදු කුඩක් ලෙස පවතී. එහෙත් එය බොහෝ විට දැක ගත හැකි වන්නේ අලු රෝස පැහැ, දුඹුරු, හෝ කලු වර්ණ වලිනි. එවැනි වර්ණ පැමිණෙන්නේ එයට එකතු කරන්නා වු වෙනත් ද්‍රව්‍ය මගිනි. ඒවා “බ්‍රවුන් ෂුගර්“
“වයිට් ෂුගර්“ බ්ලැක් ටාර් වැනි නම් වලින් හදුන්වනු ලබයි.
මෙක්සිකොවේ ප්‍රධාන වශයෙන් අලෙවි වන්නේ බ්ලැක් ටාර් වර්ගයේ හෙරොයින් වේ.
එලෙසම හෙරොයින් ජාවාරම්කරුවන් හා වීදි වල එය හදුන්වන විවිධ නම් ඇත. ඒ තමන්ගේ ජාවාරම රහස් ලෙස එම රටවල ආරක්ෂක අංශ වලට දැනගත නොහැකි වන ලෙස ඉටුකර ගෙන යාම සදහායි.
එන්නත් කිරීම, නහයට ඉරීම ආදි ක්‍රම කිහිපයකට හෙරොයින් භාවිතා කරන අතර එන්නත් කර ගැනීම යනු ඒඩ්ස් වැනි සමාජ රෝග වලට අත වැනීමකි. හෙරොයින් මගින් ස්නායු පද්ධතියට හානි සිදුකරන අතර එහි ඇති මෝෆීන් මගින් රුධිර පීඩනය අඩු කරනු ලැබේ.
හෙරොයින් භාවිතයෙන් කෙටි කාලීන හා දිගු කාලීන අබාධ ශරීරයට දෙනු ලැබේ.
ශ්‍රී ලංකාවට හෙරොයින් පැමිණීම සඳහන් වන්නේ 1970 දශකයේදීයි.
1973 දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ලංකාවේ පිහිටවන ලදි. එමගින් සාමාන්‍ය ඹෟෂධ නිතියට අයත් නොවන අන්තරායකාරී (Narcotic Drugs) ගණයට වැටෙන හෙරොයින් අත්අඩංගුවට ගැනීම් සිදුකල අතර 1984 දී අන්තරාය ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පිහිට වන ලද අතර එමගින් ඖෂධ අනිසි භාවිතය වැලැක්වීම, නිවාරණයට ප්‍රතිපත්ති සකසන ලද අතරම අධ්‍යාපන දැනුවත් කිරීම්,පුනුරුත්ථාපන කටයුතු ප්‍රතිකාර කටයුතු ඉටුකරනු ලබයි. හෙරොයින් පිළිබඳ කටයුතු දැනුම් දීම වෙනුවෙන් ඔවුන් විසින් 1984 ලෙස ක්ෂණික දුරකතන අංකයක් හදුන්වා දී ඇත. ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ලංකා රේගුවද ඒ අතර ප්‍රධාන වේ.
මෙවැනි භයානක මත්ද්‍රව්‍ය අත්හදා බැලීමට යාමෙන් අවසානයේ බොහෝ තරුණ පිරිස් #කුඩේ_කුඩු වන්නේ තම ජීවිත නිකරුනේ විනාශ කරගන්නේ සමාජයේද කොන් කිරීමට ලක්වීමද,රැකියාව මුදල සියල්ල නැතිකර ගනිමිනි.
දැනුවත් වීම වඩා වැදගත්ය.
-උපුටා ගැනීමකි!

Comments

Popular posts from this blog

අලුත් අවුරුද්දට සුබ පතන්න සිංහල sms

ශ්‍රී ලංකාව පිළබද තොරතුරු