දකුණ ගැන ........
දකුණේ පිහිටීම ......
දකුණු පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවීමත් සමග දකුණු පළාත ලෙස නීතිමය තත්වයක් නිර්මාණය විය. එය අනෙකුත් පළාත් හා සැසදීමේ දී භුගෝලීය වශයෙන් 7 වන විශාලතම පළාත වන අතර මිලියන 2.5 ක ජනතාවක් දකුණු පළාත තුල වාසය කරයි. දකුණු පළාත් මායිම් ලෙස උතුරින් සබරගමුව පළාත සහ ඌව පළාත, නැගෙනහිර පළාත ඊසාන දෙසින්, බටහිර පළාත වයඹ දෙසින් සහ ඉන්දියානු සාගරය දකුණට බටහිර සහ නැගෙනහිර පිහිටා ඇත. පළාතේ අගනුවර ගාල්ලයි. දකුණු පළාත ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනකින් සමන්විත භූගෝලීය ප්‍රදේශයකින් සමන්විතය.
අතීතයේ සිටම ශ්‍රී ලාංකේය දේශපාලනයේ වැදගත් භූමි ප‍්‍රදේශයක් ලෙස දකුණු පළාත හැඳ?න්විය හැකිය. මන්දයත් හෙළ රජ පරපුරේ ආරම්භකයා ලෙස සැලකෙන මනු මාතර ප‍්‍රදේශයේ ගොවික් කළ අයෙකු බව ඓතිහාසික ජනප‍්‍රවාදවල සඳහන් වන බැවිනි. දකුණු පළාත පුරාණයේදී අයත් වී ඇත්තේ රුහුණටයි. රුහුණු රටෙන් වැඩිම භූමි ප‍්‍රමානයක් අයත් වන්නේද දකුණටයි
දකුණේ සංචාරක ස්ථාන කිහිපයක් ගැන
01. ගාලු කොටුව
1588 දී පෘතුගීසි ජාතිකයින් නිර්මාණය කරන ලද වර්තමානයේදී සංචාරක ආකර්ෂණය දිනාගත් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසලින් පිහිටා ඇති අතිශය මනරම් ස්ථානයකි.
02. පරවී දුපත
මාතර බස් නැවතුමෙන් වෙරල පැත්තට පිහිටි මෙය සංචාරක ආකර්ෂණය නොමදව ලැබෙන ස්ථානයකි. පුංචි දුපතක් හා යා උන සෞන්දර්යෙන් පිරි පන්සලකි. දකුණු පළාතේ සංචාරය කරන ඔබට නැතිවම බැරි සංචාරක ස්ථානයකි.
03. දික්වැල්ල හුම්මානය
සොබාදහමේ අපුර්වතම නිර්මාණයක් වන දික්වැල්ල හුම්මානය ලෝකයේ හුම්මාන අතරින් විශාලතම දෙවැනි හුම්මානය ලෙස හදුන්වයි. මුහුදු රැල්ලේ පීඩනය නිසා ඇති වන මෙය වාරකන් සමයේදී ආදී 40-50 උසට ජලධාරාවක් විහිදුවයි.
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය මෙය වන අතර ලෝකයේ විශාලතම දිවි ග්‍රහන්යෙන්ද සමන්විතයි. එහෙන්ම ලංකාවේ පැරණිතම වනෝද්‍යාන දෙක අතරින් එකකි. විශාලත්වය හෙක්ටයාර් 97.880.7කි ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා වැනි සතුන්ගේ වාසස්ථානයකි.
Comments
Post a Comment